පාර්ලිමේන්තුව විනාඩි දෙකක් නිහඬ වෙයි  

62

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිහඬතාවක් පවත්වමින් ශෝකය පළ කරනු ලැබීය.

පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ විය.

එහිදී මුලින්ම නැඟී සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙවන එළිසබත් මහ රැජනගේ අභාවය පිළිබඳ ආණ්ඩුවේත්, පාර්ලිමේන්තුවේත්, ශ්‍රී ලංකාවේත් ශෝකය ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් විනාඩි 02ක නිශ්ශබ්දතාවක් පළ කරන බව සඳහන් කළේය.

ඒ අනුව සියලු මන්ත්‍රීවරුන් අසුන්වලින් නැඟිට නිහඬතාවක් පළ කළහ. අනතුරුව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ද මහ රැජනගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශයක් සිදුකළේය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment