‘ගමෙන් පටන්ගමු’ ජවිපෙ ඊයේ දෙල්ගොඩ…

231

‘ගමෙන් පටන්ගමු’ ජීවිතය ලස්සන කරන විසඳුම් හා යෝජනා තේමාව යටතේ දෙල්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන් හා නගරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (19 දා) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙල්ගොඩ නගරයෙන් ආරම්භ විය.

මෙහිදී උසුලා ගත නොහැකි බඩු මිල” භාණ්ඩ හිඟය” ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම” අධ්‍යාපනය සෞඛ්‍ය හා ප‍්‍රවාහනය බිඳවැටීම තුළ ජනතාව මුහුණපාන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් මැයෙන් ජනතාව සමග සංවාදශීලීව සාකච්ඡා කිරීම සිදු විය. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති” අශෝක රන්වල” මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් සහභාගිවුහ. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වූ ජ.වි.පෙ. සාමාජිකයන් ඡායාරූපයෙන් දැක්වේ.

බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව් ඞී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment