නොබැඳි සමුළුවට ගිය ජනපති රාජ්‍ය නායකයින් රැසක් හමුවේ

106

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමී ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී ජනාධිපතිවරයා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විණි. ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළේය.එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප්.ඊ.ඩේවිස් මහතා, ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් මහතා, බෙනින් ජන රජයේ උපජනාධිපති මාරියම් චාබි තලතා මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

advertistmentadvertistment
advertistmentadvertistment