චම්පිකටත් රට යන්න අවසර

69

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාට මෙම මස 13 වැනිදා සිට සැප්තැම්බර් 23 වැනිදා දක්වා විදේශ ගත වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (12 දා) අවසර ලබා දුන්නේය.

එම විත්තිකරු විදේශ ගතවී සිටින කාලය අතරතුරදී ඔහු වෙනුවෙන් වගකීම භාරගන්නා බවට ඔහුගේ ඇපකරුවන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එම ඇපකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.

2016.02.28 වැනිදා රාත්‍රි රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පාඨලි චම්පික රණවක, තුසිත දිලුම් කුමාර සහ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මෝසමක් මගින් කැඳවමින් විත්තියේ නීතිඥවරයා එම ඉල්ලීම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment