23 න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් මෙම මස

60

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන කාන්තා ජාතික සුපර් ලීග් (එන්.එස්.එල්.) විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය මෙම මස 15 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල කණ්ඩයම් 4ක් තරගවදී.

ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති මෙම තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස 26 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. මෙම අවසන් තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් සුදුසුකම් ලබා ගනු ඇත.

කණ්ඩායමක සෑම සංචිතයක්ම ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විතය. මෙහි සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබීමද විශේෂත්වයකි. එහිදී කොළඹ කණ්ඩායමේ නායකත්වය මනුදි නානායක්කාරට හිමිව තිබෙන අතර මහනුවර කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම රෂ්මිකා සෙව්වන්දිට හිමිව ඇත. දඹුල්ල කණ්ඩායමේ නායකත්වය විදුෂිකා පෙරේරාට ද දෙව්මි විහංගාට ගාල්ල කණ්ඩායමේ නායකත්වයද ලබා දී ඇත.

ලසිත සන්දීප

advertistmentadvertistment
advertistmentadvertistment