කුලියාපිටියේ තරුණයා ඝාතනය: සිඟිතිගේ සහ බිරිඳගේ ඇප අවලංගුයි

692

කුලියාපිටිය තරුණයාගේ ඝාතනය සම්බන්ධව බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරිඳගේ ඇප අවලංගු කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (9දා) නියෝග කළේය.

සැකකරුවන්ට මුල් අවස්ථාවේදී ඇප ලබා දීමට හේතු වූයේ පොලිසිය ඊට විරුද්ධ නොවීම බව කී මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

සුසිත් ජයවංශගේ ඝාතනය සම්බන්ධයෙන් මුලින් ප්‍රධාන සැකකරු ලෙස නම් කළ අයකු ද ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment