රාජ්‍ය සේවක පුරප්පාඩු 252562ක් ඒත් සේවා බිඳවැටීමක් නෑ – රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත

106

රාජ්‍ය සේවයේ සේවක පුරප්පාඩු දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය හැට දෙකක් පැවතිය ද ඉන් රාජ්‍ය සේවයේ බිඳවැටීමක් සිදුනොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය.

මේ වන විට රාජ්‍ය සේවයේ එකොලොස් ලක්ෂ අනූඑක් දහස් හයසිය පනස් එකක් සේවයේ නියුතුව සිටින බව ද කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් මේ වන විට අධිකරණ සහ සමෘද්ධිය වැනි ආයතනවල සේවා සැපයීම අඩාල වී ඇතැයි ජගත් කුමාර මන්ත්‍රීවරයා එහිදී කීය. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ රජයේ සේවයට නව බඳවා ගැනීම් කරන්නේ නම් අගමැති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පවතින කමිටුවක් මගින් ගන්නා තීරණ අනුව ඒවා කරන බවය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment