කොවිඩ් මර්දනයට වැලිපැන්න පොලිසිය පාරට බහී…

150

කොවිඞ් වෛරසය මර්දනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (30දා) වැලිපැන්න පොලිසිය විසින් සංවිධානය කර තිබිණි.

‘‘උපදෙස් පිළිපදිමු ජීවිත සුරකිමු…”‍, ‘‘පැරදුනු කොවිඞ් තුරන් කරමු…”‍, ‘‘මාස්ක් එක හරියට දාමු නැත්තං සොරි…”‍ යනුවෙන් සඳහන් පුවරු අතැතිව පොලිස් නිලධාරීන් පිරිසක් අලූ‍ත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න නගර මධ්‍යයේ රැුඳී සිටින ලදී.

වැලිපැන්න වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල රත්නවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත‍්‍රිකාද මෙහිදී බෙදාදෙන ලදී.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment