ඩොලරය රු 333 පනී

1086

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02දා) රු. 333 ඉක්මවා ගියේය.

මේ අනුව මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොරලයක විකුණුම් අගය රු. 333.43 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය ජූලි 31 දිනෙන් පසු ඩොලරයක විකුණුම් අගය රු. 333 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (01දා) දිනයේ වාර්තා වූයේ රු. 332. 63 ක් ලෙසයි. මේ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ (01දා) රු. 322. 44 ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment