මිසදිටු විමලබුද්ධි යළි රිමාන්ඩ්

590

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත දෙවැනි වතාවටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ‘විමල බුද්ධි මුනි’ නමැති පුද්ගලයා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 26දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බුදු දහමට සහ සංඝයා වහන්සේලාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාලා වෙබ් අඩවි ඔන්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් 12 දා ‘විමල බුද්ධි’ නමැති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඉකුත් 09 වැනිදා හෙතෙම ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න සිල්වා මහතා නියෝග කළේය. ඇප මත මුදාහැරීමෙන් පසුවද නැවත වතාවක් යූටියුබ් හා සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ ‘විමල බුද්ධි’ නමැති මෙම පුද්ගලයා දිගින් දිගටම බුදු දහමට සහ සංඝයා වහන්සේලාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකර තිබේ.

මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව තිහාරිය, කලගෙඩිහේන ප්‍රදේශයේදී මෙම පුද්ගලයා ඊයේ පෙරවරුවේ නැවත අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු සිය මව ද සමඟ මෙම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු කොටකලිසමකින් සැරසී සිටි බවද පොලිසිය පවසයි.

මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම්වලට විවිධ පුද්ගලයන්ගෙන් විශාල මුදලක් ලැබී ඇති බව ද ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
හේමන්ත රන්දුනු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment