ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙති

295

භානුක සහ වියස්කාන්ත් සංචාරක අතිරේක ක්‍රීඩකයෝ අතරට

එළඹෙන පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසාලන තරගාවලියට සහභාගි වන වනිඳු හසරංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (09 වැනිදා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙති

ඒ අනුව ක්‍රීඩකයන් පහළොස්දෙනකුගෙන් යුත් එම ප්‍රධාන සංචිතයට අමතරව සංචාරක අතිරේක ක්‍රීඩකයන් ලෙස තවත් ක්‍රීඩකයන් හතර දෙනෙක් එක් කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය ලෙස ක්‍රීඩකයෝ 32 ක් මීට පෙර නම් කර තිබූ අතර ඔවුන් අතරින් 19 දෙනෙක් මෙසේ ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර තිබේ.

උප නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරන අතර අතිරේක සංචාරක ක්‍රීඩකයන් අතර භානුක රාජපක්ෂ සහ විජයකාන්ත් වියස්කාන්ත් ද වෙති.

ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙති

විජයකාන්ත් වියස්කාන්ත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාද් කණ්ඩායම නියෝජනය කිරීමටද වරම් ලැබුවේය.

භානුක රාජපක්ෂ අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරගයකට සහභාගි වූයේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය.

එසේම තවමත් විස්සයි – 20 අන්තර්ජාතික තරගවලට සහභාගි වී නොමැති දුනිත් වෙල්ලාලගේ ද ප්‍රධාන සංචිතයට කැඳවා ඇත.

විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලිය ජුනි මස 2 වැනිදා සිට 29 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේදී පැවැත්වෙයි.

තරගාවලියේ මූලික තරග අදියර යටතේ එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4 කට බෙදී තරග වැදීමට නියමිතය.

මුලික වටයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය ප්‍රතිවාදී කණ්ඩායම් වෙයි.

ශ්‍රී ලංකා සංචිතය

වනිඳු හසරංග – නායක, චරිත් අසලංක – (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක

සංචාරක අතිරේක ක්‍රීඩකයෝ

අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment