ශාන්ත අන්තෝනි, ශාන්ත පීතර, ශාන්ත ජෝශප් සහ ගල්කිස්ස විද්‍යා ජය ගනී

73

ලීග් ශූරතා අවුරුදු 20 න් පහළ රග්බි තරගාවලිය

ඩයලොග් ලීග් ශූරතා අවුරුදු 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තයේ ජයග්‍රහණයන් ලැබීමට මහනුවර ශාන්ත අන්තෝනි, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ශාන්ත ජෝශප් සහ ගල්කිස්ස විද්‍යා විදුහල් නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ශාන්ත අන්තෝනි විදුහල හමුවේ ලකුණු 17 කින් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ද විද්‍යා විදුහල හමුවේ ලකුණු 03 කින් මහනුවර ධර්මරාජ විදුහල ද ශාන්ත පීතර විදුහල හමුවේ ලකුණු 56 කින් මහනුවර විද්‍යාර්ථ විදුහල ද ශාන්ත ජෝශප් විදුහල හමුවේ ලකුණු 13 කින් කොළඹ ඩී.එස්. සේනානායක විදුහල ද පසුගිය සෙනසුරාදා (29) පරාජයට පත් විය. මෙතෙක් පැවති ප්‍රමුඛ පෙළ තරග ආශ්‍රිතව සුපිරි කණ්ඩායම් 04 තෝරා ගැනීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙවර 1 කාණ්ඩයෙන් වරම් ලබා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සමත් වන අතර වාරයේ දී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල 2 කාණ්ඩයෙන් සුදුසුකම් ලැබීය. සුපිරි කණ්ඩායම් 04 වටය ලබන සති අන්තයේදී ආරම්භ කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment