ඇත් දළ රැජිනක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

241


ඇත් දළකින් නෙළන ලද රැජිනකගේ රුවක් සහිත පිලිමයක් රුපියල් ලක්ෂ 50 ක මුදලකට සමාජ මාධ්‍ය හරහා විකිණීමට තැත් කළ පුද්ගලයකු රත්නපුර පලාබද්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකා මුලතිව් කදවුර ලබාදුන් තොරතුරකට අනුව එම බළකායේ බුද්ධි කොට්ඨාශය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම පිළිමය අඟල් 11 ක පමණ උස, කිලෝ 1 යි ග්‍රෑම් 500ට අධික බරකින් යුතු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර පදිංචි 45පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment