සබන් මිල සියයට සියයකින් ඉහළට

1248


සබන් මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර ඇත.

රුපියල් 70 ක් පැවැති ග්‍රෑම් 115 රෙදි සෝදන කැටයක් රුපියල් 135 ක් දක්වා ද රුපියල් 74 ක්ව පැවති බේබි සබන් කෑල්ලක් රුපියල් 175 ක් දක්වා ද රුපියල් 75 ක් පැවැති ඇග ගල්වන කාබොලික් වර්ගයේ සබන් කැටයක් රුපියල් 145 දක්වා ද ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග සබන් කුඩු සහ සබන් දියර ආදී සබන් ආශ්‍රිත සියලුම නිෂ්පාදනවල මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර දත් බුරුසුල දත් බෙහෙත් සහ ෂැම්පු වර්ගවල මිල ඉහළ දමා තිබේග

advertistmentadvertistment
advertistmentadvertistment