රිෂාඩ්ලාගේ පෙත්සම 15 දා සලකා බලයි

59


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය විසින් ඔවුන්ගේ නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම මස 15 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය..

ඔවුන් විසින් එම පෙත්සම් ඉදිරිපත්කර ඇත්තේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

එම පෙත්සම අද විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment