මන්දාරම් නුවරට අරුනළු ගෙන ආ “BOC‍ ගම්මාන” ව්‍යාපෘතිය

63

මෙරට බැංකුකරණයේ පෙරගමන්කරු වු ලංකා බැංකුව ඉතිහාසය පුරාවටම ජනතාවට වඩාත් සමීප නව්‍ය නිෂ්පාදනයන්, සංකල්පයන් හඳුන්වා දෙමින් සාම්ප්‍රදායික බැංකුකරණය වඩාත් හිතකර අන්දමින් අතික්‍රමණය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමිනි.

වසර 83 ක අත්දැකීම් පෙරදැරි කරගනිමින් ලංකා බැංකුවේ 83 වැනි සංවත්සරයට සමගාමීව ස්වයංපෝෂිත ගමක්, නිෂ්පාදන ආර්ථිකයක්, හරහා සංවර්ධිත රටක් වෙත පිය නැගීමටත් මග සලසනු වස් “ BOC ගම්මානය” සංකල්පය හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව “BOC ගම්මාන” ව්‍යාපෘතිය යටතේ දිවයිනේ පළමු ආදර්ශ ගම්මානය මැදිරිගිරිය දිවුලන්කඩවල තිස්සඅමුණ ගම්මානයේදී විවෘත කරන ලදි.

ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය බැංකුව ලෙස ලාංකීය ආර්ථිකය නඟා සිටුවීමේ කර්තව්‍යයට උරදී කටයුතු කරනු ලබන ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් හඳුනා ගත් දිරිය ගම්මාන නඟාසිටුවීම උදෙසා ක්‍රියත්මක කරනු ලබන “BOC ගම්මාන” වැඩසටහනේ දෙවන අදියර යටතේ මධ්‍යම පළාතේ මන්දාරම් නුවර ගම්මානය පසුගියදා විවෘත කරන ලදි.

ලංකා බැංකුවේ පාරිභෝගික හා සංවර්ධන බැංකු අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සංකල්පය මඟින් දිවයින පුරා තෝරා ගන්නා ලද ගම්මාන වල ජනතාවගේ මුල්‍ය සාක්ෂරතාවය හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම මූලික අරමුණු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment