වසංගතය අස්සේ ළමා අපචාර ඇබ්බැහිවීම් වැඩිවෙලා

118

කොරෝනා වසංගත තත්ත්වය තුළ ළමුන් නිවෙස්වල ගතකළ කාලය තුළ ළමා අපචාර හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප‍්‍රවණතාවයක් දැකිය හැකි බව කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේ කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැති දිස්ත‍්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුවට සහභාගී වෙමිනි.

මෙහිදී අදහස් දැක් වූ දිසාපතිවරයා මෙසේද සඳහන් කළේය. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ළමා අපචාර වාර්තා වීම් වසරින් වසර ඉහළ යෑම කනගාටුවට කරුණක්. තත්ත්වය අවම කර ගැනීමට දෙමාපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් 2022 වර්ෂයේද ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කරනවා.

මෙම කමිටු රැුස්වීමට සහභාගි වූ කෑගල්ල මහා රෝහලේ ලිංගාශ‍්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛi ශ්‍යාමා සෝමවර්ධන මහත්මිය සඳහන් කළේ ‘‘2019 වසරේදී 19ක් ද 2020 35ක් හා 2021 54දෙනකු ප‍්‍රතිකාර සඳහා රෝගීන් පැමිණි බවයි. කොරෝනා වසංගතය නිසා නිවෙස්වලට වී සිටීමට දරුවන්ට සිදුවීම මෙන්ම පවුලේ සාමාජිකයන්, නෑදෑයන් තමන් දන්නා හඳුනන සමීප හිතවතුන් හා පේ‍්‍රම සම්බන්ධතා ද ළමා අපචාර සඳහා හේතු වී ඇති බවයි. මේ තත්ත්වයන් අවම කිරීමට දරුවන් මෙන්ම දෙමාපියන්ද දැනුවත් කිරීම වඩාත් ප‍්‍රායෝගික විසඳුම වන බව ඇය ප‍්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට දිස්ත‍්‍රික් අතිරේක ලේකම් (පාලන* චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත‍්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන* දිනීෂා එස්. රත්නායක, සහකාර දි. ලේ. මල්ෂා එල් . ප‍්‍රියදර්ශනී, ප‍්‍රාදේශීය ලේකම්වරුන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති නිරෝෂා මුල්ලේගංගොඩ, කෑගල්ල දිස්ත‍්‍රික් මනෝ වෛi නිපුණ රණවන, සීතාවක කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී රසිත රත්නායක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

සෝමචන්ද්‍ර යකන්දාවල

advertistmentadvertistment
advertistmentadvertistment