බොරැල්ලේ වෙඩි තැබීමක්

239

බොරැල්ල හරස් පාර ප්‍රදේශයේ නිවසකට ඊයේ (22දා) උදෑසන පැමිණි නාඳුනන පිරිසක් වෙඩි තබා පළාගොස් ඇත.

මෙම නිවස ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්‍ෂවරයකුට අයත් බව වාර්තා වෙයි.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාර 2ක් එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිව නැත.

advertistmentadvertistment
advertistmentadvertistment