දප්පුල අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපතිගෙන් ප්‍රතිඥාවක්

89

පාස්කු ප්‍රහාර මාලාව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාව අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව වර්තමාන නීතිපතිවරයා ඊයේ (22දා) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

තමා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර එක්තරා විද්‍යුත් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති හෙයින් එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා දප්පුල ද ලිවේරා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් කඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ප්‍රතිඥාව ලබා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment