හරක්කටා මෙල්ල කළ නිලධාරියාට උසස්වීමක්

2795

හරක් කටා රහස් පොලිසියෙන් පැනයෑම වැළැක්වීමට ඔහු සමග මාරාන්තික ලෙස පොර බදා ඔහු මෙල්ලකර ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂකවරයාට උසස් වීමක් ලබාදී ඔහුට මුදල් තිළිණයක් පිරිනැමීම පිළිබඳව පොලිස් මූලස්ථානය මගින් විශේෂ කමිටුවක් පත්කර ඇත.

ඒ අනුව මෙම නිලධාරියාගේ මෙම ක්‍රියාව අගය කිරීම සඳහා ගනු ලබන තීන්දු තීරණ ගැන මෙම කමිටුවේ අවධානයට යොමුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම උප පොලිස් පරීක්‍ෂකවරයා සිය ගිනි අවිය හරක් කටාට රැගෙන යෑමට පවා ඉඩනොදී ඔහු මෙල්ල කිරීම සම්බන්ධයෙන් උසස් වීමක් ලබාදෙන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් කර තිබුණි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment