ඉන්දියාවේ අපද්‍රව්‍ය මෙරට මුහුදු වෙරළට ගොඩ ගසයි

225

ඉන්දියාවේ සිට ගොඩගසන ලද රෝහල් අපද්‍රව්‍ය සහිත කසල තොගයක් පසුගිය(11*දා යාපනයේ කුරීකඞ්ඩුවාන් මුහුදු වෙරළ අසල තැන්පත් වී තිබේ.
 
 මේ අපද්‍රව්‍ය අතර බෙහෙත් විදින සිරින්ජර් හා කටුද, භාවිත කරන ලද ඖෂධ වර්ගවල කොටස්ද තුවාලවලින් ඉවත් කරන ලද බැන්ඬේජ් හා ප්ලාස්ටර් ආදිය ඇති නිසා කුරීකඞ්ඩුවාන් පොලිස් මුරපලේ නිලධාරීන් සඳහන් කළේ මේ අපද්‍රව්‍ය ඉන්දියාවේ රෝහලකින් මුහුදට දමන ලද අපද්‍රව්‍ය විය හැකි බවයි. කොරෝනා වසංගතයෙන් පසුව මීට පෙර අවස්ථා දෙකකදීම මෙවැනි රෝහල් අපද්‍රව්‍ය යාපනයේ ස්ථාන දෙකක මුහුදු වෙරළවල්වලට ගොඩගසා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment