මහනුවර ඇසළ පෙරහැරේ සියලූ කලාකරුවෝ ජෛව බුබුළක් යටතට

127

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය මහජන සහභාගිත්වයකින් තොරව පවත්වන බව ශ‍්‍රී දළදා

 මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. පෙරහරට සම්බන්ධ වන කලාකරුවන් සියලූ දෙනා ජෛව බුබුළක් ලෙස රඳවා ගනිමින් මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා කීවේය.

 මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුුතු සම්බන්ධව සාකච්ඡුා කිරීම වෙනුවෙන් ඊයේ (10දා* ශ‍්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡුාවකදී දියවඩන නිලමේවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මල්වතු

 අස්ගිරි උභය මහ විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා හා සෞඛ්‍ය අංශ නිර්දේශ මත මෙවර පෙරහැර මහජන සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කළ බවද හෙතෙම අවධාරණය කළේය.

 මහනුවර ඇසළ පෙරහැරේ ප‍්‍රථම කුඹල් පෙරහැර මෙම මස 13දා වීදී සංචාරය ආරම්භ කිරීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහැර පැවැත්වීමට නියමිතව ඇත්තේ නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 22 දා රාත‍්‍රියේය.

 මහනුවර ඇසළ පෙරහැර මහජන සහභාගිත්වයෙන් තොරව පැවතිය ද ආරක්ෂක කටයුතු වෙනුවෙන් මධ්‍යම පළාතේ පොලිස් නිලධාරීන් 5500 ක් සේවයේ යෙදවීමට තීරණය කර තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පැවසීය. මෙම පොලිස් නිලධාරීන් සියලූ දෙනා ද පෙරහැර අවසන් වන තෙක් ජෛව බුුබුලක් ලෙස රඳවා ගැනීමට පියවර ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.

 පෙරහැර සාකච්ඡුාවට මල්වතු මහ විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පොලොන්නරුව සෝමාවතී රජමහ විහාරාධිපති පහමුණේ සුමංගල හිමි සහ නාථ දේවාල බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද, විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ, පත්තිනි දේවාල බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර, මහනුවර දිස්ත‍්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment