2028 ඔලිම්පික් උළෙට ක‍්‍රිකට්

379

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැවැත්වෙන 2028 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කිරිමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය (අයිසීසී) කටයුතු කරමින් සිටින බව අයිසීසී ප‍්‍රධානි ගේ‍්‍රග් බාර්ක්ලි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (10 දා) ප‍්‍රකාශ කර ඇත.

 එංගලන්ත හා වේල්ස් කි‍්‍රකට් ආයතනයේ සභාපති ඉයන් වට්මෝර් මහතාගේ සභාපතිත්වයෙන් යුතු කි‍්‍රයාකාරී කමිටුවක්ද ඒ සඳහා පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 අයිසීසී ස්වාධීන අධ්‍යක්‍ෂ ඉන්ද්‍රා නූයි, සිම්බාබ්වේ කි‍්‍රකට් ආයතනයේ සභාපති ටවෙන්ගා මුකුන්ලානි, අයිසීසී අධ්‍යක්‍ෂ සහ ආසියානු කි‍්‍රකට් කවුන්සිලයේ උප සභාපති මහින්ද වල්ලිපුරම් සහ ඇමරිකා එක්සත් ජනපදයේ කි‍්‍රකට් සභාපති පාරග් මාර්ක් යන මහත්වරුන්ගෙන් එම කමිටුව සමන්විතය.

 2028 ඔලිම්පික් උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් වුවහොත් එය වසර 128 කට පසුව කි‍්‍රකට් කී‍්‍රඩාව ඔලිම්පික් උළෙලක් සඳහා අතුළත් වන ප‍්‍රථම අවස්ථාව වනු ඇත.

 ඒ පිළිබඳව මහත් උෙiා්ගයකින් බලා සිටින අයිසීසී ප‍්‍රධානි ග්‍රෙග් මහතා, ”කි‍්‍රකට් කී‍්‍රඩාව සඳහා බිලියන ගණනක පේ‍්‍රක්‍ෂකයන් ඉන්නවා. ඒ පේ‍්‍රක්‍ෂකයන් අතරින් සියයට 92 ක් පමණ ඉන්නේ දකුණු ආසියාවේ. ඇමරිකාවේ මිලියන 30 ක් පමණ කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂකයන් සිටිනවා. ඔලිම්පික් පදක්කමක් සඳහා තම රටේ වීරයන් තරග වදින අයුරු පේ‍්‍රක්‍ෂකයන්ට ඒ මගින් දැක බලා ගත හැකි වනු ඇතැයි” පවසනවා.

 ඇමරිකාවේද මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව කෙරෙහි නැඹුරුතාවයක් ඇතිවෙමින් පවතින බවත් ඒ නිසා 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙල කි‍්‍රකට් කී‍්‍රඩාව ඔලිම්පික් සඳහා එකතු කිරීමට සුදුසුම අවස්ථාව බවත් ඔහු පවසයි.

 එමෙන්ම එරට ප‍්‍රධාන කී‍්‍රඩාවක් ලෙස කි‍්‍රකට් ස්ථාපිත කිරීමද එමගින් සිදුවනු ඇති බවත් අයිසීසී ප‍්‍රධානි ග්‍රෙග් මහතා සිය නිවේදනය මගින් පවසා සිටී.

 ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව ප‍්‍රවේශ වනවා නම් එය ටී-10 එනම් පන්දුවාර 10 තරග රටාවෙන් වනු ඇති බව ජාත්‍යන්තර කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

 ලබන වසරේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල සඳහාද කි‍්‍රකට් කී‍්‍රඩාව ඇතුළත් කර ඇත.

 ටී-10 කි‍්‍රකට් රටාව නොවේ නම් පන්දු 100 තරග රටාව හෝ වඩාත් ජනපි‍්‍රය පන්දුවාර 20-20 තරග රටාව ඔලිම්පික් සඳහා නිර්දේශ වනු ඇත.

 මීට පෙර ඔලිම්පික් උළෙලකදී කි‍්‍රකට් තරගයක් පැවැති 1900 වසරේදී ඒ සඳහා තරග වැදී තිබුණේ මහා බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය නියෝජනය කළ කණ්ඩායම් දෙකකි.


කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment