ප‍්‍රධාන මාර්ගයේ පැති බැම්මේ තෙරපුම දරා ගැනීමට නොහැකිව පස් මහල් ගොඩනැගිල්ලක් බිමට සමතලා වෙයි

393

මහනුවර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ සෙනරත්ගම ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් තිබූ පස් මහල් ගොඩනැගිල්ලක් පෙරේදා 12දා පස්වරුවේ කඩා වැටී තිබේ.
 
 මෙම ගොඩනැගිල් ඉදිකිරීමේ පවතින දුර්වලතා  ගොඩනැගිලේ කඩා වැටීමට හේතුවී තිබෙන බව මහනුවර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
 
 ප‍්‍රධාන මාර්ගයේ කොටසක් කඩාගෙන යෑම නිසා බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත. ගොඩනැගිල්ල තුළ කිසිවෙකුත් සිට නැති අතර ඉන් අසල්වැසි කිසිවෙකුටද හානි සිදුව නොමැත. ප‍්‍රධාන  මාර්ගයට දැඩි හානි සිදුවීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ඊයේ (13* පෙරවරුවේ අදාළ ස්ථානය නිරීක්ෂණ කිරීමට පැමිණි අතර මෙම ගොඩනැගිල්ල නීතිමය අවසර ලබාගෙන ඉදිකර තිබෙන්නේද යන්න සම්බන්ධව තොරතුරු ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ප‍්‍රධාන මාර්ගයේ පැති බැම්මේ තෙරපුම දරා ගැනීමට නොහැකිව පස් මහල් ගොඩනැගිල්ලක් බිමට සමතලා වෙයි

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමේදී පසේ ස්ථායිතාවයට බලපෑම් එල්ල වී තිබෙන බවත් ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ වී තිබූ ගොඩනැගිල්ලට ප‍්‍රධාන මාර්ගයේ ඇති බැම්මේ තෙරපුම දරා ගැනීමට තරම්
 
 ගොඩනැගිල්ල ශක්තිමත්ව නොතිබී ඇති බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත‍්‍රික් ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ සමන්ත බෝගපිටිය මහතා පැවසීය.
 
 මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පළාත් රාජ්‍ය සේවයේ ඉංජිනේරුවරු,මාර්ග සංවර්ධන අධිකාරිය,පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු වගකිව යුතු අංශ කැඳවා සාකච්ඡුා පවත්වා අනවසර හා ප‍්‍රමිතියෙන් තොර ඉදි කිරිිම් සිදු කිරීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස දැනුම් දීම් කළත් මෙවැනි සිදුවීම් තුළින් පෙනී යන්නේ එම උපදෙස් පිළිනොගෙන ඇති බව යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment