නිවෙසට ගිනි තියා නිවැසියා නිවස තුළ එල්ලිලා

124

වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ගිනි ගනිමින් තිබූ නිවෙසක තිබී හමු වූ මළ සිරුර අයත් පුද්ගලයා සිය නිවසට ගිනි තබා ඔහුද සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිසියට සාක්ෂි ලැබී තිබේ.

තේක්කවත්ත ප්‍රදේශයේ නිවෙසක ගින්නක් හට ගෙන ඇති බව ප්‍රදේශවාසීන් විසින් වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒක්කය වෙත දැණුම් දීමෙන් පසුව කණ්ඩායමක් පැමිණ ගින්න නිවා දමා ඇත. පසුව කළ සෝදීසියකදී නිවස තුළ අයකු ලණුවකින් ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අන්දමට දැක ගැනීමට හැකි වී තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ සොක්කලිංගම් තනුජන් සුජීව් නැමති අයකි. පොලිසිය සිද්ධිය පිළිබඳ වවුනියාව අධිකරණයට දැණුම් දීමෙන් පසුව මළ සිරුර වවුනියාව මහ රෝහලට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට තිබේ. වවුනියාව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment