මී උණ අවදානමක්

176

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ඩෙංගු හා මී උණ හෙවත් “ලෙප්ටෝස්පයිරෝසිස් ” රෝගයන් ශීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයක් මේ වන විට දක්නට ලැබෙන බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. ,මෙම තත්ත්වය මත මහජනතාව මෙම රෝගයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු වන බවත් රෝග ලක්ෂණ මතු වූ වහාම රෝගියාව නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව එම වෛද්‍යවරු පෙන්වා දෙති ..ඉකුත් ජුලි මාසය තුළදී දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 9327 දෙනෙකු වාර්තා වී තිබු අතර මී උණ රෝගීන් 529 දෙනෙකු වාර්තා වී තිබිණි .

advertistmentadvertistment
advertistmentadvertistment