මැතිවරණ වියදම් නියාමන පනත වැඩි ඡන්ද 61කින් සම්මතයි

86

විපක්‍ෂය ගෙනා සංශෝධනයට ඉඩ නොලැබෙයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) වැඩි ඡන්ද 61කින් සංශෝධන සහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත දැනට ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණයට අදාළ නොවන බවට වන සංශෝධනයක් ඇතුළත් කරන්නැයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධනය අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීම සඳහා බෙදීමක් අවශ්‍ය බවට විපක්‍ෂය ඉල්ලා සිටියහ. ඒ අනුව පනතට පක්‍ෂව ඡන්ද 97ක්ද විරුද්ධව ඡන්ද 36ක්ද ලැබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment