අනියම් ඇසුරක් නිසා බිරිය මරයි

1079

සහෝදරයා සමග අනියම් ඇසුරක් පවත්වන බව කියමින් යාපනයේ නාවක්කුලි ප්‍රදේශයේ පුද්ගලයෙකු 16 දා සිය බිරිඳට පහර දී මරා දමා සහෝදරයාට ද බරපතළ ලෙස තුවාල සිදු කොට තිබේ.

ඔහු මේ ඝාතනය සිදු කොට ත්‍රී රෝද රථයකින් පලා යමින් සිටිය දී පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියේ දී මියගොස් ඇත්තේ යාපනයේ නාවක්කුලි අයියනාර් කෝවිල් අඩි ප්‍රදේශයේ පදිංචි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි දෙදරු මවක් වන අජන්තන් යමුනා නැමැති කාන්තාවකි.

සැකකරු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම බිරිඳ සිය සහෝදරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් සිටිය දී අතටම හසුවීම නිසා තමන් දෙදෙනාට ම පහර දුන් බවයි.

මෙම සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල් ලබා සිටින සැකකරුගේ සහෝදරයා ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. සිය බිරිඳ එම ප්‍රහාරයෙන් මියගිය බව තමන් නොදන්නා බවත් ඔවුන් දෙදෙනාට සතුටෙන් සිටීමට ඉඩ හැර ඔහු වෙනත් පළාතකට යෑමට සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය තමන්ව අත්අඩංගුවට ගත් බවත් ප්‍රකාශ කොට තිබේ.

සැකකරු පලා යෑමට සූදානම් වන බවට යාපනය පොලිසියේ විශේෂ ඒකකය වෙත ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් නාවක්කුලි ප්‍රදේශයට ගොස් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා චාවාකච්චේරී පොලිසිය වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment