මහියංගණ ප්‍රා. සභාවේ එජාප මන්ත්‍රීගෙන් ශ්‍රීලනිප අපේක්ෂකයාට ප්‍රහාරයක්

53

මහියංගණ ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිල කාමරයේදී, මහියංගණ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට පහරදී තිබේ. එජාප මන්ත්‍රීවරයා මෙවර තරග වදින්නේ සමගි ජනබලවේගයෙනි. මෙම පහරදීම 23 දා සභාපතිගේ කාමරය තුළදී සිදුවී තිබේ. ප්‍රහාරයයට ලක්වු ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා මහියංගණ මුලික රෝහලට ඇතුළත්ව ඇත.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් සමස්ත ලංකා තරුණ පෙරමුණේ උප ලේකම් හා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබාදුන් අබ්දුල් නසාර් මොහොමදු රිස්වාන් නැමැති අපේක්ෂකයාටයි. ඔහු මහියංගණ, පඟරගම්මන ගම්මානයේ පදිංචි අයෙකි. ප්‍රහාරයට ලක්වු රිස්වාන් එදිනම මහියංගණ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරව ප්‍රතිකාර සඳහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත්ව ඇත.

ප්‍රහාරය සිදු කර ඇත්තේ මහියංගණ ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන (මෙවර ස.ජ.බ. අපේක්ෂක) ජෙබිල් මොහොමදු අක්මාල් නමැති අයෙකි.

අක්මාල් මන්ත්‍රීවරයාද පොලිසියේ පැමිණිල්ලක්
ගොනු කරමින් රිස්වාන් තමන් හට ප්‍රහාරයක් සිදු කළ බව පවසමින් මහියංගණ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

පහරදුන් ප්‍රා. ස. මන්ත්‍රීවරයා හා තමන් එකම ඡන්ද කොට්ඨාසයට තරග වදින බවත්, ඔහු මීට පෙර ජනවාරි 13 වන දිනද මහියංගණ ප්‍රාදේශීය සභා භූමිය තුළදීද රිස්වාන්හට තර්ජනය කළ බවත්, එසේම දුරකථන ඇමතුම් ලබාදෙමින් හා පඟරගම්මන ගම්මානය තුලදීද අවස්ථා කිහිපයකදී රිස්වාන් හට තර්ජන සිදු කර ඇති බවට පහරකෑමට ලක්වූ රිස්වාන් පවසයි.

මහියංගණ – රංජිත් කරුණාවිර

advertistmentadvertistment
advertistmentadvertistment