චීනයේ හීන එළි වී ක්‍රීඩා උළෙල නිමවේ

280

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල විචිත්‍රවත් සාමප්ති උළෙලකින් නිමා වූ අතර සත්කාරක චීනය එහිදී රන් පදක්කම් 201 ක්, රිදී පදක්කම් 111 ක් සහ ලෝකඩ පදක්කම් 71ක් දිනා ගැනීමට සමත් වූයේය. එහි දී චීනය දිනා ගෙන තිබූ සමස්ත පදක්කම් සංඛ්‍යාව 383 කි. ජපානය දෙවැනි ස්ථානයටත්, කොරියාව තෙවන ස්ථානයටත්, ඉන්දියාව සිව් වන ස්ථානයටත් පත්විය.

ශ්‍රී ලංකාව එම පදක්කම් සටහනේ 26 වන ස්ථානයට පත් වූ අතර තරූෂි කරුණාරත්න එහිදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. ඊට අමතරව තවත් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමිවිය. සමාප්ති උළෙල ද පැවැත්වුණේ චීනයේ හංජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment