මීමුරේ පුස්සේඇළදී මෝටර් රථයක් පෙරළී විදේශිකයෙක් හා කතක් මරුට

81

උඩදුම්බර පොලිස් වසමට අයත් හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ පුස්සේ ඇළ ප්‍රදේශයේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන මීටර් 20 ක පමණ බෑවුමකට පෙරළී යෑමෙන් දෙදෙනෙක් මිය ගොස්, දෙදෙනෙක් තුවාල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි.

මෙම අනතුරින් වාහනයේ ගමන් කළ රුසියානු ජාතික වයස අවුරුදු 28ක තරුණයෙක් වන යාරෝ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මාලනී චන්ද්‍රලතා නමැති අය රෝහල වෙත රැගෙන යන අතරමගදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ක්‍ච ක්‍්ෘ 6895 දරන කාර් රථයකි. මෙම අනතුර 29 වන දින සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනකු ගමන්කර ඇති බවත්, වාහනයේ ගමන් කළ අනෙක් පුද්ගලයන් දෙදෙනා මැදමහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු උඩදුම්බර පොලිසිය මගින් සිදු කරනු ලබයි.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment