එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ගාල්ල මහ නගර සභාවට අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා උපකරණ පරිත්‍යාගක්

134

සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය අවම කිරීම අරමුණු කරගත් USAID ys Clean City Blue Ocean (CCBO) වැඩසටහන මගින් රුපියල් මිලියන 44ක් වටිනා වාහන සහ සෙසු උපකරණ පරිත්‍යාගයක් 2023 ඔක්තෝබර් 17 වන දින ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේදී භාර දෙන ලදී. නාගරික බල ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ (SWM) සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කරන වාහන සහ උපකරණ පරිත්‍යාගයට ඇතුළත් විය.

එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ගාල්ල මහ නගර සභාවට අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා උපකරණ පරිත්‍යාගක්

Clean City Blue Ocean වැඩසටහන 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු දියත් කළ “ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයයේහි (USAID) ප්‍රමුඛතම ගෝලීය පස් අවුරුදු ප්‍රදානයක් වේ. මෙම වැඩසටහන යටතේ ගාල්ල මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සේවා ඵලදායී අන්දමින් සැපයීම සඳහා ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ගාල්ල මහ නගර සභාව වෙත ඍජුවම තාක්ෂණික සහාය ලබා දී ඇත.

මෙහිදී ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිකිරීම, ජනනය වන ස්ථානයේදීම අපද්‍රව්‍ය වෙන්කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම, ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ මාර්ග ජාලයක් සැකසීම, එකතුකරන සේවක මණ්ඩලය සඳහා ආරක්ෂක උපකරණ සැපයීම වැනි වැඩසටහන් පවත්වා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දී ඇත. හීන්පැන්දල විවෘත කසළ බැහැරකිරීමේ භූමියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ කව්ෂිමා කොම්පෝස්ට් අංගනයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය උපකරණ ලබා දී ඇත.

CCBO වැඩසටහන මගින් පරිත්‍යාග කරන ලද වාහන සහ උපකරණ පරිත්‍යාග කිරීමේ උත්වසවයේ දී USAID/CCBO වැඩසටහනේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂිකා නිලංකා විජේනායක මහත්මිය විසින් ගාල්ල මහා නගර සභාවේ නාගරික කොමසාරිස් R.M.T.K. රස්නායක මහත්මිය වෙත භාර දෙන ලදී. මෙහිදී ගාල්ල මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ත්‍යාගශීලී සහයෝගය සහ හවුල්කාරිත්වය ලබාදීම වෙනුවෙන් නාගරික කොමසාරිස් තුමිය විසින් USAID සහ CCBO වැඩසටහනට සිය කෘතඥතාව පළ කළාය. මෙම පරිත්‍යාගය මඟින් පුරවැසියන්ට වඩා හොඳ සේවාවක් සැපයීමට සහ ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරය ආරක්ෂා කිරීමට මහ නගර සභාවට උපකාරී වන බව ඇය පැවසුවාය. මෙම අවස්ථාවට ගාල්ල මහා නගර සභාවේ හිටපු නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මහතා, නාගරික ඉංජිනේරු සම්පත් කුමාර සහ HELPO ආයතනයේ සභාපති චතුර වැලිවිටිය මහතා ඇතුළු නගර සභාවේ නිලධාරීහු සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment