පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි තරගය අද

2377

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන 19න් පහළ කණ්ඩායම අතර තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (24 වැනිදා) කරච්චි හි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිව ඇත.

තරගාවලිය යටතේ පැවැති ප්‍රථම තරගයෙන් ලකුණු 58ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පෙරේදා හැකිවිය.

එම තරගයේ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දු වාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 309ක් ලබාගැනීමට සමත් වූ අතර විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පුළිඳු පෙරේරා පන්දු 96ක් තුළ 4 පහර 17ක් සහ 6 පහර 6ක් සමගින් ලකුණු 156ක් රැස්කිරීමට සමත්විය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නවීඩ් අහමඩ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම කැපී පෙනුණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායමට පන්දු වාර 45.4කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 251ක් පමණි. පකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශාමිල් හුසේන් ලකුණු 98ක් සහ අරෆට් මින්හාස් ලකුණු 84 ලබාගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනුර කළුපහනගේ කඩුලු 4ක්, ගරුක සංකේත් කඩුලු 3ක් සහ ආර්. පෙරේරා කඩුලු 2ක් දවාගැනීමට සමත් වූහ.
සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment