පේරාදෙණිය සිසු අරගලය “කඳුළු ගෑස්”

180

“කඳුළු ගෑස්” රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කෙරුණි. එහෙත් පසුව එය සංශෝධන සහිතව රඟ දැක්වීමට අවසර ලැබුණි. සරසවි සිසුන්ගේ ශිල්ප හැදෑරීම්, සරසවි ප්‍රේමය, ඇදුරු පුවත්, අධිපති රෙකුලාසි හා බිරිඳ වගන්ති නෝනාගේ සබඳතා, උයන්පල්ලාගේ මර්දනය වැනි සිදුවීම් ආඛ්‍යාන රංග රීතියෙන් ගලා යයි.

හැත්තෑව දශකයේ අග භාගයේ හන්තාන කඳු පාමුල පේරා සරසවි බිම කහ වර්ණිත පුෂ්ප ලතා, රොබරෝසියා මල් අතරින් රයිපල් මල් විකසිත වූ දවසයි. සිසු සටනක අවසානයේ 1976 ඉල් මහේ 12 වෙනි දින වීරසූරිය සිසුවාගේ හද පසාරු කරමින් වැදුනු වෙඩි පහරින් ඔහු මියගියේය.

පේරාදෙණිය සිසු අරගලය “කඳුළු ගෑස්”

මා සහ ශිෂ්‍ය සහෝදර සහෝදරියන් එදා මුහුණ දුන් මෙම අත්දැකීම මා අතින් ශ්‍රී ලාංකේය වේදිකාව මත දෘෂ්‍ය කාව්‍යයක් ලෙස දිග හැරුණි. වසර 46 කට පසුව වුවද එහි අවසාන ගීතය මා මනස තුළ රැව් දෙයි.

උදාර බවේ කරුමය පල දී – තණ නිල්ල ඇත අද රතු වී
සා නිවනට කහට විතෙන් – ගෙනා සීනි පොදෙත්
ඇත ඔබෙ ලේ තැවරී……
අකුරට ගිය වීර කුමරුනේ – නැත සූර සකි ඔබ මිය ගියේ

දිවයිනේ දර්ශන 50 ක් ප්‍රදර්ශනය කළ මෙම නාට්‍යයේ තේමාව වූයේ “පරමාධිපත්‍යයේ සදාතනික සංකේතය” “කඳුළු ගෑස්” යන්නයි. එය එදාටත් වඩා අද අපට ප්‍රත්‍යක්‍ෂ වී ඇත. පාලකයෝ තමන්ගේ බලය තහනම් ගෙඩි සේ සලකති. එහෙත් වැසියෝ තහනම් ඵල අනුභව කිරීමට සැරසෙති. එවිට ඔවුහු උiාන පාලකගේ ගෙන්දගම් බටයට ගොදුරු වෙති. මෙකී කතා පුවත වේදිකාව මත දිග හැරේ.

කෝලම් ජන නාටක සම්ප්‍රදායයත් බ්‍රෙෂ්ට්ගේ ආඛ්‍යාන රංග රීතියත් භාවිත කරමින් නිර්මාණය කළ මෙම නාට්‍යයේ සංගීතය මෙහෙයවීම මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන් අතින් සිදුවීම සුවිශේෂ විය. රංගනය සඳහා සරසවියේ කලා, විiා, වෛi විiා හා කෘෂි පීඨවල සිසු සිසුවියෝ දායක වූහ.

“කඳුළු ගෑස්” රැඟුම් පාලක මණ්ඩලය විසින් තහනම් කෙරුණි. එහෙත් පසුව එය සංශෝධන සහිතව රඟ දැක්වීමට අවසර ලැබුණි. සරසවි සිසුන්ගේ ශිල්ප හැදෑරීම්, සරසවි ප්‍රේමය, ඇදුරු පුවත්, අධිපති රෙකුලාසි හා බිරිඳ වගන්ති නෝනාගේ සබඳතා, උයන්පල්ලාගේ මර්දනය වැනි සිදුවීම් ආඛ්‍යාන රංග රීතියෙන් ගලා යයි.

එදා සරසවි සිසුන් තුළ අරක්ගත් අවිනිශ්චිතතාව හා මර්දනකාරී ප්‍රවණතා වලින් අන්ද මන්ද වූ සිසුන්ගේ ජීවිතයේ පැතිකඩක් එහි ගීතයක දැවටී ඇතැයි මට සිතේ.

පේරාදෙණිය සිසු අරගලය “කඳුළු ගෑස්”

කිරි කඳුළක් සොයා දෙන්න අම්මෙ කොහද නුඹ ඉන්නේ
උඩ අහසේ ඉගිල ගියා පැතුම් ගොඩක් ඉගිල ගියා
තල මල් හත පිපිල ගියා කඳුළු අපේ ගලා ගියා

20 වන සියවසේ අග භාගයෙන් 21 වන සියවස මුල් භාගයට අවතීර්ණ වූවද මෙම අතීත නාට්‍යයේ එන ‘කඳුළු ගෑස්’ වායුවේ බල ආධිපත්‍යමය සංකේතය නොවෙනස්ව පවතියි.

වියරු කුරිරු ඝෝර වායු – අඳුරු තිමිර පටල වෙළා
වේදනාවෙ අඳුර මැදින් – අහස් කුසට සුසුම් හෙළා

කඳුළු ගෑස් වායුව සමගින් උයන්පල්ලාගේ වෙඩි උණ්ඩයට ද මුහුණ දෙන වැසියන් අතරින් එක් වැසියකුගේ හදවත නැවතෙයි. තහනම් ගස අද්දර රයිපලයෙන් උල් මල් රේණු දස විහිදී යයි. ඉන් ගලා ගිය රුධිරය ඔස්සේ සිසු අරගලය පිබිදෙයි. සිසු සටන් හඬ අවදි වෙයි. නාට්‍ය නිර්මාණයට හුස්ම දුන් එදා විශ්වවිiාල සිසු නළු කැළ සහ ආනුෂංගික ශිල්පීන් ලෙන්ගතුව සිහිපත් කරමි. එදා එල්ල වූ කඳුළු ගෑස්…. අදත් මියැදී නැත…..

කඳුළු ගෑස් නාට්‍ය රචනය හා නිෂ්පාදනය කළ ක්ලයිව් ශාන්ත
සංස්කරණය – වසන්ත ලියනගේ

පේරාදෙණිය සිසු අරගලය “කඳුළු ගෑස්”
advertistmentadvertistment
advertistmentadvertistment