ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

86

තායිලන්තයේ දී මාර්තු 31 සිට අප්‍රේල් 11 දක්වා ක්‍රියාත්මක කෙරෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක් සහභාගි වෙති.

කිලෝ ග්‍රෑම් 73ට අඩු බර පන්තිය යටතේ ඉන්දික චතුරංග දිසානායක ද කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ ඩිලංක ඉසුරු කුමාර ද කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තිය යටතේ හංසනී ගෝමස් ද මෙවර තරගාවලියට සහභාගි වෙති.

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

මෙම වසරේ දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ කඩඉමක් ලෙස ද මෙම තරගාවලිය යොදා ගෙන තිබීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය ඉහළ යා හැකි බව ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය නිවේදනය කර ඇත.

දේශීය බර ඉසිලීමේ තරග බිමේ තමන් නියෝජනය කරන බර පන්තියේ අංක එක ස්ථානය තහවුරු කර ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබේ.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ලත් අත්දැකීම හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් මෙවර තරඟාවලියේ දී උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කරන්නට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළඹුණු ඇතැයි ද ජාතික පුහුණුකරු ආර්.බී.වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික පුහුණුකරු ලෙස ආර්.බී. වික්‍රමසිංහ මහතා සහ සහාය පුහුණුකරු ලෙස රුක්ෂාන් ගුණතිලක මහතා යටතේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පුහුණුව ලබති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment