ජර්මනිය අගුලූ දැමීමට චාන්සලර් මර්කල් කළ යෝජනාව ඉවතට

280

ජර්මනියෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 75,000 ඉක්මවා ගොස් තිබීම හේතුවෙන් රට සති දෙකකට අගුලූ දමා කොරෝනා වසංගතය පාලනය කළ යුතු බව තනතුරෙන් නික්ම යෑමට නියමිත ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් විසින් අලූතින් පිහිටුවීමට යන සභාග රජය වෙත කරන ලද යෝජනාවක් ප‍්‍රතික්ෂේප වී තිබේ.

ජර්මනියේ අලූතින් පිහිටුවීමට යන සභාග රජයේ හවුල්කාර පක්ෂ වන සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, ග‍්‍රීන්ස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන පක්ෂ විසින් මර්කල්ගේ යෝජනාව තරමක් පසුපසට දමමින් දැනට ජර්මනියේ ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන සෞඛ්‍ය නීති රීති යටතේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය වනු ඇත්දැයි යන්න බලා සිටීමට තීරණය කර තිබේ. ඉකුත් අඟහරුවාදා නව සභාග රජයේ පක්ෂ සමග මර්කල් චාන්සලර්වරිය පවත්වා ඇති සාකච්ජාවේදී ඇය යෝජනා කර ඇත්තේ වර්තමානයේ ජර්මනියේ පැතිර යන සිවුවැනි කොරෝනා වසංගත රැල්ල පාලනය කිරීම සඳහා පෙරේදා (25දා) සිට සති දෙකක කාලයක් රට අගුලූ දැමිය යුතු බවයි. මේ වන විට ජර්මනියේ කොරෝනා වසංගතයෙන් මිය ගිය පිරිස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment