අක්ෂි කාච ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

439

මෙරට රෝහල් පද්ධතිය තුළ අක්ෂි කාච සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඒ සඳහා කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව ලබන නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂි කාච වෛද්‍ය සැපයීම් අංශය මගින් මෙරට රෝහල් සඳහා බෙදා හැර ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.එම තත්ත්වය තුළ අක්ෂි කාච වල හිඟයක් මෙරට රෝහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි. අද (04දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment