යාචකයා ගිනි තබා ඝාතනය කෙරේ

353


හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
යාචකයාට ඊයේ (29) රාත්‍රි කාළයේදී පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර අසල්වාසීන් එක්ව යාචකයා රෝහල් ගත කර ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පෙරැම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකි. එම ඝාතනය සිදුකල බවට සැකපිට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment