ජපානයේ රැඳවුමකදී මියගිය සඳමාලිගේ අවසන් සී.සී.ටී.වී එළියට

260

මීට වසර දෙකකට පෙර ජපානයේ නයෝගා හි පිහිටි රඳවා තැබීමේ මධ්‍යස්ථානයකදී ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික කාන්තාවක වූ විශ්වා සඳමාලීගේ අවසාන දින කීපයේ දර්ශන ඇතුළත් සී. සී. ටී. වි. විඩියෝවක් එම කාන්තාවගේ ඥාතීන්ගේ නීතිඥයන් විසින් මාධ්‍යයට නිකුත් කර ඇත.

මරණයට පත්වන විට 33 හැවිරිදි වියෙහි පසු වූ විශ්වා සඳමාලී වීසා කාල සීමාව ඉක්මවා ජපානයේ රැඳී සිටියේ යැයි චෝදනා කරමින් ඇය සංක්‍රමණිකයන් රඳවා තබන මධ්‍යස්ථානයක් වෙත යවා තිබිණි.

එලෙස රඳවා තබන මධ්‍යස්ථානයේ රැඳී සිටින අතරතුර 2021 වසරේ මාර්තු 06 වැනිදා හදිසියේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වයේ හදිසි වෙනසක් සිදුවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ මරණය සිදුවී ඇති බවත් බලධාරීන් පවසා ඇත. ඇගේ මරණයෙන් පසු විශ්මා ගේ සහෝදරියක් ජපානයට ගොස් තම සොහොයුරිය මරණයට පත්වූවේ බලධාරින්ගේ වරදින් යැයි පැමිණිලි කරමින් බලධාරීන්ට විරුද්ධව නඩුවක් පවා පවරා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment