ශ‍්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවට  වසර 65ක් සපිරීම නිමිත්තෙන් පිරිත් පිංකමක්

214

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවට වසර 65ක් සපිරීම නිමිත්තෙන් ශ‍්‍රී ලංකා චීන බෞද්ධ මිත‍්‍රත්ව සංගමය, චීන බෞද්ධ සංගමය හා එක්ව පෙබරවාරි 26 වැනි දින අනුරාධපුර අභයගිරිය විහාරස්ථානයේදී සහ මරදාන ශ‍්‍රී ලංකා විද්‍යාලයේදී පිරිත් පිංකමක් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවට  වසර 65ක් සපිරීම නිමිත්තෙන් පිරිත් පිංකමක්


මෙම උත්සවයට සමගාමීව චීනයේ බෞද්ධ සංගමය බීජිං හි ලින්ග්ගොන් විහාරස්ථානයේ සහ ගුවන්දොන්ග් හි පුතුවෝ විහාරස්ථානයේ සිට චීන භික්ෂුන් වහන්සේලා අන්තර්ජාලය හරහා ශ‍්‍රී ලංකාවේ වැඩසටහනට සම්බන්ධ විය. චීන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනය චැන්ග් සංග් නාහිමිපාණන්ගේ හා මිං ෂෙං හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති පාලිත කොහොන සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද චීනයේ ඇති උතුම් දළදා වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික විහාරස්ථානයක් වන ලින්ගුවන්ග් විහාරස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී වූහ.

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment