පෑලියගොඩ එළවළු මිල ‘හෝ ගාලා’ පහළට: මාළු මිල ඉහළට

209

ඉතිහාසයේ අවුරුදු සමයකදී කවදාවකවත් නොදැකපු ආකාරයෙන් පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් ඉතා පහත බැස ඇතැයි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්. එම්. උපසේන මහතා ‘දිවයින’ ට ඊයේ (07 වැනිදා) පැවසීය.

පාරිභෝගික ජනතාවට එය මනා අස්වැසිල්ලක් වනු ඇතැයිද හෙතෙම කීය.

බීට් රූට් තොග කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටද, වට්ටක්කා කිලෝවක් රුපියල් 40 ත් 50 ත් අතර මිලකටද, මෑකරල් රුපියල් 100 ත් 120 ත් අතර මිලකටද පතෝල කිලෝවක් රුපියල් 120 ත් 150 ත් අතර මිලකටද, කැරට් කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටද ලූනු කිලෝවක් රුපියල් 80 ත් 100 ත් අතර මිලකට ද අලෙවි වන බවද හෙතෙම කීය.

පෑලියගොඩ එළවළු මිල ‘හෝ ගාලා’ පහළට: මාළු මිල ඉහළට

තවදුරටත් කතා කළ උපසේන මහතා මෙසේද කියා සිටියේය.

වෙන අවුරුදු කාලයට එළවළු මිල ඉතා අධිකයි. නමුත් මේ සැරේ එළවළු මිල විශාල ලෙස අඩුවෙලා තියෙනවා. අලාභ සහිතව තමයි ගොවියා එළවළු විකිණීම කරන්නේ. මේ තත්ත්වය තුළ ගොවියාට නිෂ්පාදන වියදමවත් එකතු කරගන්න විදිහක් නැහැ. කොහොම වුණත් එළවළු වෙළෙඳුන් ගැන අපි හිතනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment