යතුරුපැදිය කොන්ක්‍රීට් කාණුවට වැටී ස්පාඤ්ඤ ජාතිකයා මරුට

407

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ස්පාඤ්ඤ ජාතිකයකු ඊයේ (21 දා) උදෑසන අහංගම තැපැල් කාර්යාලය අසලදී කොන්ක්‍රීට් කාණුවකට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ විදේශීය ජාතිකයා බීමත්ව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී විදේශීය ජාතිකයා ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් අහංගම දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී අහංගම තැපැල් කාර්යාලය අසල කොන්ක්‍රීට් කාණුවකට ඇද වැටීමෙන් මෙම අනතුරට ලක්ව ඇත.

විදේශිකයා කොන්ක්‍රීට් කාණුවේ වැටී සිටි අයුරු දුටු ත්‍රිරෝද රථ රියැදුරකු තවත් අයෙකු සමග එක්වී මොහු හබරාදුව කළුගල රෝහලට ඇතුළත් කොට ඇත. රෝහලට ඇතුළත් කරන විටත් විදේශිකයා මියගොස් තිබුණි. මොහු මීට මාස එකහමාරක පමණ පෙරසිට අහංගම ප්‍රදේශයේ හෝටලයක නතර වී සිට ඇත.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන gljon asjurias නැමති විදේශිකයෙකි. මෙකී විදේශිකයාගේ මෘත දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇත. අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment