පාසල් දැරියකට අතවර කළ  රඹෑවේ සැකකාර තරුණයා දැලේ

674

* සිසුවිය ළඟ පෙනීසිට ඇත්තේ නීතිඥයකුගේ රියැදුරකු ලෙස

* හඳුනාගෙන තියෙන්නේ මිස් කෝල් එකකින්:


නීතිඥවරයකුගේ රියැදුරකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, බාලවයස්කාර පාසල් දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අපයෝජනයක් සිදු කළ තරුණයකු පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සියඹලෑව, රඹෑව පදිංචි 28 හැවිරිදි අයෙකි. මොහු ගංජා භාවිතයට ඇබ්බැහි වූ තරුණයකු බව පොලිසිය කියයි.

මෙම බාල වයස්කාර පාසල් සිසුවිය තම ජංගම දුරකථනයෙන් ලබා ගත් ඇමතුමක් වැරදී එය මෙම තරුණයාගේ දුරකථනයට යෑමෙන් අනතුරුව මෙම සබඳතාවය ආරම්භ වී ඇති බවත් එම සබඳතාව දුර දිග යෑමෙන් පසු මෙම අපයෝජනය සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

දැරියගේ මව වෙළෙඳාමක නිරත කාන්තාවක බවත් දිවා කාලයේ කිසිවකුත් නිවසේ නොමැති අවස්ථාවල දී මෙම තරුණයා දැරියගේ නිවසට පැමිණ කීපවතාවක් ලිංගිකව හැසිරී ඇති බවත් සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

පාසල් දැරියගේ නෑනාට දැරියගේ ක‍්‍රියා කලාපය පිළිබඳව සැකයක් මතු වීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දැරිය ඉදිරියේ නීතිඥවරයකුගේ රියැදුරකු ලෙස පෙනී සිටි මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇත. සැකකරු කාලයක් භාවිතා කළ දුරකථන සිම් පත මාරුකර නව සිම් පතක් ලබා ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේ ය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණි. සැකකරු ඊයේ (23 දා* අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්පකුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බණ්ඩාර විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප දිසානායක, පො.කො. කරුණාරත්න (61364*, පො.කො. අබේසිංහ(75187*, පො.කො. කුමාර (83448* යන නිලධාරීහු විමර්ශන කළහ.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment