කොරෝනා ඔස්ට්‍රේලියානු ටෙනිස් ශුරතාවලියේදී පරදියි

149

මෙම වසරේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතා තරඟාවලිය වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතා තරඟාවලියේ කිසියම් ක්‍රීඩකයෙකු කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී ඇතිනම් ඔවුන්ට කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීම අනිවාර්ය නොකිරීමටත් වෛරසය ආසාදනය වී තිබියදීත් තරඟවලට සහභාගි වීමට අවස්ථාව ලබාදීමටත් තරඟ සංවිධායකයන් විසින් තීරණය කර තිබේ. මෙම මස 16 වැනිදා සිට 29 වැනිදා දක්වා කාලසීමාව තුළ මෙල්බර්න් නගරයේ මෙල්බර්න් උද්‍යානයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතා තරඟාවලියේදී කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් ප්‍රජාව විසින් අනුගමනය කරන ක්‍රියාදාමය අනුගමනය කිරීමට තීරණය කර ඇති බව සංවිධායකයෝ පවසති.

කොරෝනා ආසාදනය යනු ඔස්ට්‍රේලියාවට මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවත් ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදීත් තරඟකරුවෙකුට ටෙනිස් තරඟාවලියට සහභාගී විය හැකි බව පෙන්වා දෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතා තරඟාවලියේ අධ්‍යක්ෂක ක්‍රේග් ටිලි වෛරසය ආසාදනය වීම නිසා කිසියම් ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු ශාරීරිකව රෝගී තත්ත්වයේ පසුවන්නේ නම් ඔහුට හෝ ඇයට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙන අතර තරඟාවලියේ වෛද්‍ය කණ්ඩායම ඔවුන්ගේ තත්ත්වය අධීක්ෂණය කරනු ලබන බව ටිලි සඳහන් කර තිබේ. ඉකුත් වසරේ තරඟාවලියට සහභාගි වූ සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම දිනපතා කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීම අනිවාර්ය කර තිබූ අතර යමෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් නිරෝධායනය වීමටත් එන්නත් ලබා ගැනීමටත් නිර්දේශ කෙරිණි. ඉකුත් වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතා තරඟාවලිය පැවැත්වූයේ ජෛව බුබුලක් තුළය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment