ලංකාව ඉන්දියාවේ කොටසක් කියූ හරින්ට එරෙහිව දැඩි පියවරක් ගත යුතුයි – විමල් වීරවංශ

96

ලංකාව ඉන්දියාවේ කොටසක් බවට සංචාරක ඇමැතිවරයා කරන ලද බරපතළ ප්‍රකාශය ගැන දැඩි පියවරක් ගතයුතු බවත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයකු දිවුරුම් දෙනවිට කරන ‘දිවුරුම’ ත් උල්ලංඝනය කිරීමකැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජා නි පෙ නායකවරයා මෙසේද සඳහන් කළේය.

“පසුගියදා ඉන්දියාවේදී, සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ කියා. ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයකු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි පැවසීම බරපතළ ප්‍රකාශයක්. නිවට, නියලූ විදිහට මෝඩ හිනාවකුත් දාගෙන, මේ ප්‍රකාශය පමණක් නොවෙයි, ‘අපේ ගුවන්තොටුපළවල්, වරායවල් ආදී සියල්ලම අපි ඉන්දියාවට දෙනවා’ කියන එකයි එහිදී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවැසුවේ.

හරින් ප්‍රනාන්දුගේ කටින් මේක එළියට පැන්නේ නිකම් නොවෙයි. එයා දන්නවා ඊළඟට සිදුවීමට නියමිත දේවල් ටික. මාර්තු මාසයේ එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිතයි. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට, රැකියා වෙළෙඳපොළට, වෙළෙඳාමට ඉන්දියානුවන්ට කිසිදු බාධාවකින් තොරව ඇතුළු වෙන්න පුළුවන්. එහෙම කාලයක් ගියාම මේ රට ඉන්දියානුවන් බහුතරයක් ඉන්න රටක් බවට පත්කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ගුවන්තොටුපළවල්, වරායවල්, ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය ඇතුළු ආර්ථික මර්මස්ථාන සියල්ල ඉදිරියේදී ඉන්දියානු සමාගම් අතට යෑමට නියමිතයි. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ඒකාබද්ධකරණයටත් පාර කැපෙමින් තිබෙනවා. හරින් ප්‍රනාන්දුලා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත්කිරීම තමයි. නිවට, නියාලූ විදිහට මෝඩ හිනාවකුත් දාගෙන තමන් ඇතුළු පාලක නඩය කරමින් සිටින දේ තමයි ඔහු ඉන්දියාවේදී පැවැසුවේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිවයුතුයි. මේ ප්‍රකාශය පිළිගන්නවාද? නැද්ද? කියා. වෙන රටක ජනාධිපතිවරයකු නම් තම රටේ අමාත්‍යවරයකු මෙවැනි ප්‍රකාශයක් කළාම පළමුවෙන්ම කරන්නේ ඒ ඇමැතිවරයා අමාත්‍ය ධුරයෙන් නෙරපීම. නමුත් මේ ජනාධිපතිවරයා එහෙම කරයි කියලා අපි නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment