හිටපු ඇමැති ගාමිණි ජයවික්‍රම අවසන් කටයුතු හෙට

126

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු ආමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20 දා) කුරුණෑගල, කටුගම්පොලදී සිදුකෙරේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 83 වැනි වියේ පසුවිය.

1941 දී උපත ලද ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි ඒ මහතා 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

1977 මහ මැතිවරණයෙන් ජය ලබා කටුගම්පොල මන්ත්‍රීවරයා ලෙස ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට පත්විය.

2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා ඔහු වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබේ.

එසේම, ඔහු 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසර සංවර්ධන හා

වනජීවී අමාත්‍යවරයා ලෙසත්, 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබේ.

ඒ මහතාගේ දේහය මේ වනවිට කුරුණෑගල කටුගම්පොල පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment