පොහොර හා බීජ ආනයනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක් ඉල්ලයි

143

විදේශ වලින් රසායනික පොහොර සහ බීජ වර්ග ආනයනය කිරීම සඳහා වැය කිරීම පිණිස ඩොලර් මිලියන 700 ක මුදලක් ලෝක බැංකුවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇත. ඉහත සඳහන් මුදලින් දැනට ඇරඹෙමින් පවත්නා යල කන්නයත් ඉදිරි අවුරුද්දක ගොවිතැන් කටයුතුත් සඳහා පොහොර ලබා ගැනීමට හැකි බව විශ්වාස කෙරේ.

 තේ, එළවළු, පලතුරු, බඩඉරිඟු යන ප්‍රධාන බෝග සඳහා ඉහත සඳහන් රසායනික පොහොර පරිහරණය කෙරෙනු ඇත. ඊට අමතරව රසයනික පොහොර ආනයනය කිරීම සඳහා පුද්ගලික අංශයට ණයවර ලිපි විවෘත කිරීම සඳහා ද ඉහත සඳහන් ඩොලර් මිලියන 700 න් කොටසක් යොදා ගැනීමට අපේක්ෂිතය.

advertistmentadvertistment
advertistmentadvertistment