දරුවාට අවවාද කළැයි කිපුණු පිරිසක් පොලු මුගුරුවලින් නියෝජ්‍ය විදුහල්පතිට ගහලා

144

යාපනය පේදුරුතුඩුව කාර්කෝවලම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ ගේට්ටුව ඉදිරිපිටදී කිසියම් පිරිසක් විසින් පොලු මුගුරුවලින් පහරදීම නිසා ඔහු බරපතළ තුවාල ලබා පෙරේදා (03 දා) පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම විදුහලේ සිසුවෙකු ඉතා අඩුවෙන් පාසලට පැමිණීම නිසා ඔහුට අවවාද කිරීමෙන් පසුව නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම පහරකෑමට ලක්ව ඇත. විදුහල්පතිවරයා විසින් මේ පිළිබඳව පේදුරුතුඩුව පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ගුරුවරයාට පහරදුන් පිරිසෙන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පේදුරුතුඩුව පොලිසිය ප්‍රකාශ කළේ ඔවුන් එම නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදෙන ලද්දේ ඔවුන්ගේ ඥාතියාට තරවටු කිරීම හේතුවෙන් බව පොලිසියට ප්‍රකාශ කළ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන් තුන්දෙනා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment