විදුලි ගාස්තු යෝජනා මණ්ඩලයෙන් අද කොමිසමට

25

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනා විදුලිබල මණ්ඩලය විසින් අද (22දා) මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට නියමිතය.

එම යෝජනා ලැබීමෙන් පසු එය අධ්‍යනය කර විදුලි ගාස්තු කුමන ප්‍රතිශතයකින් අඩුවිය යුතුද යන්න ප්‍රකාශ කළ හැකි යැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය.

විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සියයට තුනකින් (3%) සංශෝධනය කරන ලෙස ඉල්ලීම් කළත් මහජනතාව, විවිධ පාර්ශ්ව විසින් එම ප්‍රමාණයෙන් ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කිරීමෙන් පසු විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් නැවත සිදුකර මහජන උපයෝගිතා කොමිසම වෙත අද (22දා) භාරදීමට නියමිතය. වෘත්තීය සමිති රැසක ඉල්ලීම වී තිබුණේ විදුලි ගාස්තු සංශෝධනය සියයට 18ක් වත් විය යුතු බවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment