ලොකු ලූනු මිලට බලපෑමක්

368


ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය මෙම මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.
ලංකාවේ ද ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට ඉන්දියාව විසින් පනවා ඇති එම තහනම ප්‍රධානතම හේතුව වී ඇත.මේ වන විට මෙරට වෙළෙඳ පොලේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 600ක පමණ මිලක පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment